ප්‍රාදේශීය ලේකම් තුමා, කාර්යය මණ්ඩලය හා සියලු ජනතාවට සෙත් පතා වාර්ෂිකව පවත්වනු ලබන  පිරිත් පිංකම හා දානමය පුණ්‍යකර්මය අපි මෙවරත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුවා දායක වූ සියලු දෙනාට බොහොම පිං




බලංගොඩ හැමෝටම ආරාධනා කරනවා සිනමාව ඉක්මවා ගිය හැගීමක් අත්විදින්න එන්න කියල.. සිනමා ශාලාවක් නැති අඩුව බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අපි මීට පෙරත් පිරෙව්වා ඔබට මතක ඇති..
බලංගොඩ සුදර්ශන මහා  විහාරයේ දී පුනි මස 23 සිට 29 වන දින දක්වා තිරගත වන වගයි.



බලංගොඩ හැමෝටම ආරාධනා කරනවා සිනමාව ඉක්මවා ගිය හැගීමක් අත්විදින්න එන්න කියල.. සිනමා ශාලාවක් නැති අඩුව බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අපි මීට පෙරත් පිරෙව්වා ඔබට මතක ඇති..

දිවිනැගුම VI වන අදියර පැළ බෙදා දීමේ උළෙල

දිවිනැගුම vi වන අදියර එළවළු පැළ, කුකුල් පැටවු බෙදා දීමේ හා පැළ සිටුවීමේ ප්‍රධාන උළෙල 2014/10/20 වන දින පෙ.ව. 10.00ට සබරගමු පළාත් අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය භාණු මුණිප්‍රිය මැතිතුමා, සබරගමු පළාත් සභා ගරු මන්ත්‍රී අකිල සාලිය එල්ලාවල මැතිතුමා, බලංගොඩ නගර සභාවේ ගරු නගරාධිපති ආනන්නද වීරසිංහ මැතිතුමා, බලංගොඩ ප්‍රාදේශීය ලේකම් චම්පික නිරෝෂ් ධර්මපාල මැතිතුමා ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී  උත්සවාකාරයෙන් පැවැත්වීය.




බලංගොඩ සිංහ සමාජයේ අනුග්‍රහයෙන් හා බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවිධානයෙන්  විදේශීය වෛද්‍යවරුන් (තායිවාන) සහභාගි වන විශේෂ වෛද්‍ය සායනයක්
2014- 07-06,07 දෙදින පුරා බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්වේ.