ඓතිහාසිකත්වය/සුන්දරත්වය



..........................................................................................................................................................................
ස්වාභාවික  සෞන්දර්ය  ස්ථාන භා  පෞරාණික ස්ථාන
මෙම කොට්ටාසයේ දේශීය  භා විදේශීය සංචාරකයින්ගේ නැරඹුම්     මධ්‍යස්ථාන වශයෙන් පභත සදභන්  ස්ථාන වල  සංවර්ධනයක්  ඇති කිරීම  වැදගත් වේ.
ස්වාභාවික  සෞන්දර්ය ස්ථාන වශයෙන්  වලවේ ගගේ තනඡන්තැන්න ප්‍රදේශයට අශ්‍රිතව පිභිටි  දුවිලි  ඇල්ල භා කුරගල  ඓතිභාසික ස්ථාන සභිත  කදු භුමිය භා දියවින්න ප්‍රදේශයේ ඇති දියවිනි ඇල්ල පෞරාණික ස්ථාන  වහයෙන්  බුදුගල  රඡ මහා විහාරය  පබ්බත හා  දියවින්න පැරනි  විහාරය  වැදගත් ස්ථාන  වේ.     යහලවෙල ප්‍රදේශයේ  වලව ගග  අශ්‍රීතව  පිහිටි  අලිකට ස්ථානය ද    සමනල  වත්ත ප්‍රදේශය ද  ස්වාභාවික  සෞන්දරය  වශයෙන්  ස්ථන වේ.
මෙම ස්ථාන වඩාත් හොදින් සංවර්ධනය  කීරීම  තුළින්  දේශිය හා  විදේශීය  සංචාරකයින් සදහා නැරඹුන්  ස්ථාන  වශයෙන් දියුණුකළ  හැක. ඵ්අනුව සබරගමු පළාත් සභාව හා බලංගොඩ ප්‍රදේශීය සභාව හා දුවිලි ඇල්ල ප්‍රදේශිය සංවර්ධන කටයුතු ආරම්භ කර ඇත.මෙම සියලු ස්ථාන සංවර්ධනය කිරිම මගින් ප්‍රදේශයේ ගොවීන්ගේ පලතුරැ හා කෘෂි නිෂ්පාදන වලට වෙලද පොලක් හා තරැණ තරැණියන්ට රැකියා අවස්ථා ඇති කල හැක.
...........................................................................................................................................................................
                           සංචාරක වශයෙන් වැදගත් ස්වාභාවික ස්ථාන හා පෞරාණික ස්ථාන
1   කල්තොට පුරාවිද්‍යා භුමිය - කල්තොට
2   බුදුගල රඡ මහ විහාරය - කල්තොට
3   ගල්ටැම් යාය පුරාන භුමිය - තන්ඡන්තැන්න
4      කුරගල පුරාණ විද්‍යා භුමිය - කුරගල
5   දියවින්න දේවගිරි රඡමහා විහාරය - දියවින්න
6   බෙලිගල රඡ මහා විහාරය - පල්ලෙකන්ද
7   මහවලතැන්න වලව්ව - මහලතැන්න
8   දුවිලි ඇල්ල - තංඡනතැන්න / කල්තොට
9   දියවිනි ඇල්ල - දියවිනින
10 ගැරඩි ඇල්ල - මස්වැන්න
11 වලවේ ගගේ අලි කට - යහලවෙල
12 වෙහෙරගල - මැදබැද්ද
13 ශෛලතලාරාමය - කිරිදිගල
...........................................................................................................................................................................
ප්‍රාග් ඓතිහාසික කූරගල
 සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ මැද කොරලයේ හෙළ උඩ පළාතේ බලංගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ බලං‍ගොඩ සිට කල්තොට පාරේ  කි .මි .14 ක් මග ගෙවා යන විට තන්ජන්තැන්න ග්‍රාමසේවා වසමට අයත්‍ ‍‍ඓතිහාසික තංජන්තැන්න ගම් පියසෙහි විශාල ගල් තලා මස්තකයෙහි මෙම සිද්ධස්ථානය පිහිටා ඇත . රාවණා පුරයෙහි දෙවැනි ශත වර්ෂයට අයත් වන සෙනසුන් පෙදෙස වර්තමානයේ ‘කූරගල’නමින් හදුන්වයි.

භික්ෂුන් වහන්සෙලා වැඩ විසු ආරාම සංකිරණ පංචාවාස ආදි නටබුන් වලින් සපිරි මේ ප්‍රදේශයේ සිට ගල් අතුරා තිබු මාවත් කුරගලට වැටි තිබුණේ යැයි පැවසේ . ‘කුහරේගල’ යන්නෙන් කූරගල යන වචනය සැදි  තිබේ. එහි පිහිටි ගල්ලෙනක ඇති කුහරයකින් ආලෝක කිරණ ගලා එයි. බෝහෝ දෙනා එය නැරඹීම ට ගුහාව තුළට බඩ ගා ගෙන යති. අති රමණිය බිම් ප්‍රදේස් වෘක්ෂලතා මේ අවට ඇති අලංකාරය කියාපායි. අරළු, බුළු, නෙල්ලි, ගම්මාළු, රසකිඳ, බිංකොහොඹ වැනි වටිනා ඖෂධීය ශාක පැළැටි හා වෘක්ෂලතා මේ ප්‍රදේශයේ දුලභ නොවේ.

කූරගල වන සෙනසුනේ ඉතිහාසය අවධි කිහිපයකට අයත්ය. කුරගල පර්වතය , ගල්ටැම්යාය, බුදුගල විහාරය, ලංකා පබ්බත විහාරය ආදි ස්ථානවල පවතින ඓතිහාසික ‍‍‍‍සෙල්ලිපි හා අව‍ශෙෂ මේ අවධි කිහිපය පිළිබද හැදැරිය හැකි සාධකයෝ වෙති.

කූරගල ගල්ලෙන් ප්‍රාග් මානව යුගය දක්වා අතිතයට දිවෙන ඉතිහාසයක් ඇති ස්ථානයකි. කූරගල ගල්ලෙන් තුළට බුදුරජාණන් වහන්සේ වැඩම කොට දිවාවිහරණය සිදු කළ බව ද කියවේ .

කූරගල ගල් ලෙන් ඇතුලු මේ පර්වත වේදිකාවේ නැගෙනහිර බැවුමේ ඇති බුදුගල, පබ්බතශොණ ගල්ගේ ලෙන. මනෝරම්‍ය ලෙන,කිරිමකුලුගොල්ල ලෙන, දේවගිරි විහාර ලෙන, පියන්ගිරි විහාර ලෙන හා කලුගල පර්වතයට පහළින් කුඩා ලෙන් 15 ක් පමණ ඇති අතර මේ සියල්ල බලංගොඩ මානවයන්යන්ගේ සුවිශේෂ ලැගුම් ප්‍රදේශ වු බව පිළිගත යුතුවේ.

මහාචාර්ය සි.ඊ.පි. දැරණියගල සුරින්ගේ හා හිටපු පරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය එස්. යු. දැරණියගල සුරින්ගේ පරික්ෂණයට ලක් වු ‘බෙල්ලන් බැදි පැලැස්ස’ කූරගලට නුදුරුව පිහිටා තිබේ. බෙල්ලන් බැදි පැලැස්සෙන් සොයා ගත් මානව අවශේෂ හා මෙවලම් වසර 6500කට වඩා පැරණි බව කාල නිර්නය කර ඇත.

පි.වයි.අයි. පුෂ්පලතා
සංවර්ධන නිලධාරි 
(සංස්කෘතික හා ආගමික)